විවාහ වෙන්න ඉන්න අයට රජයෙන් සුබ පණීවිඩයක්

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් ළඟදී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට සහ උසස් අධ්‍යාපනය හා විදෙස් රැකියා සඳහා විදේශ ගත වීමට අපේකෂාවෙන් සිටින තරුණ තරුණියන්ට ඉවුම් පිහුම් පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරනය කර තිබේ.

එහි සභාපති ශිරන්ත පීරිස් පවසන්නේ ඇතැම් දෙමාපියන් තම ගැහැනු දරුවන් සංචාරක ​ක්ෂේත්‍රයේ රැකියාවලට යොමු කිරීමට අකැමැත්තක් දක්වන බවත් සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඇති එවැනි වැරදි මත හිත්වලින් ඉවත්කර ගැනීමට කාලය පැමිණ ඇති බවද කීවේය.

වර්තමානය වනවිට දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය මත දරුවන්ට මෙවැනි පාඨමාලාවක් හැදෑරීමෙන් ඔවුන්ට අඩු මුදලකට තනිවම තම ආහාරපාන සකසා ගැනීමට අවස්ථාව හිමි වන බවත් දිනපතා ඔවුන්ට එම ආහාරපාන සකසා ගැනීමට උගන්වන පරිදි මෙම පාඨමාලාව සකස් කර ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කනිෂ්ක එන්. ජයතුංග කීය. මේ සඳහා නුදුරු දිනයකදීම අයැදුම්පත් කැඳවන බව හෙහෙතම කීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46