විවාහ මංගල උත්සවයක ආශ්‍රිතයින් පිරිසකට කොවිඩ්

ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගෙන ඇති බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

එම ආසාදිතයින් අතුරින් බොහෝදෙනෙකු විවාහ මංගල උත්සවයක ආශ්‍රිතයින් බව ඔවුන් පැවසීය.

මේ අතර, හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද නව ආසාදිතයින් 66 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කළහ.

මේ අතර, ලෝක බැංකු අරමුදලේ කොවිඩ් මර්දන ව්‍යාපෘතිය මගින් ලබාදෙන රුපියල් මිලියන 386ක් වටිනා ඔක්සිජන් සැපයුම් උපකරණවල පළමු තොගය ලෙස සිරින්ජර් පම්ප් 500ක් හා හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍ර 40ක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදීම අද (12) සිදුකෙරිණි.

මෙම උපකරණ කඩිනමින් මිලදීගැනීමේ ක්‍රමෝපාය භාවිත කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලය මගිනි.

මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයින් නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් සම්පූර්ණ කළයුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

දේශීය හා විදේශීය රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල නිලධාරීන් මෙන්ම නැව් මගින් දිවයිනට පැමිණෙන සියලුම පුද්ගලයින්ද මෙම නව මාර්ගෝපදේශයට අනුගත විය යුතු බව එහි සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26