AFC Banner
AFC Banner
Empty Ad

විවාහ මංගල උත්සවයක ආශ්‍රිතයින් පිරිසකට කොවිඩ්

ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගෙන ඇති බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

එම ආසාදිතයින් අතුරින් බොහෝදෙනෙකු විවාහ මංගල උත්සවයක ආශ්‍රිතයින් බව ඔවුන් පැවසීය.

මේ අතර, හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද නව ආසාදිතයින් 66 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කළහ.

මේ අතර, ලෝක බැංකු අරමුදලේ කොවිඩ් මර්දන ව්‍යාපෘතිය මගින් ලබාදෙන රුපියල් මිලියන 386ක් වටිනා ඔක්සිජන් සැපයුම් උපකරණවල පළමු තොගය ලෙස සිරින්ජර් පම්ප් 500ක් හා හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍ර 40ක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදීම අද (12) සිදුකෙරිණි.

මෙම උපකරණ කඩිනමින් මිලදීගැනීමේ ක්‍රමෝපාය භාවිත කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලය මගිනි.

මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයින් නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් සම්පූර්ණ කළයුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

දේශීය හා විදේශීය රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල නිලධාරීන් මෙන්ම නැව් මගින් දිවයිනට පැමිණෙන සියලුම පුද්ගලයින්ද මෙම නව මාර්ගෝපදේශයට අනුගත විය යුතු බව එහි සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?