විවාහයෙන් පසු 14 හැවිරිදි දැරිය සැමියා විසින් බලහත්කාරයෙන් රැගෙන යන වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

බාල වයස්කාර දැරියක් ඇයගේ කැමැත්තකින් තොරව විවාහකරදීමෙන් පසු ඇයව විවාහ කරගත් පුද්ගලයා විසින් ඇයව බලහත්කාරයෙන් රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්දියාව පුරා සංසරණය වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අවුරුදු 14ක දැරියක් අවුරුදු 29ක තරුණයෙකුට මෙලෙස විවාහකර දී ඇති බවයි.

තමිල්නාඩුවේ තොට්ටමන්ජු කඳුකර ප්‍රදේශයේ කුඩා ගම්මානයක් වන තිම්මතූර් හි ජීවත්වන මෙම දැරියව ඇගේ පවුලේ අය විසින් පසුගිය 03 වනදා කර්ණාටාවේ, කාලිකුට්ටායි ප්‍රදේශයේ පදිංචි කම්කරුවෙකු වන මාදේශ් නැමැත්තාට විවාහාකර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරියගේ දැඩි විරෝධය මධ්‍යයේ මෙම විවාහ මංගල්‍යය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

විවාහයෙන් පසුව දැරියව; ඇයව විවාහකාගත් පුද්ගලයාගේ නිවසට යෑම ප්‍රතික්ෂේපකර ඇති අතර, එම අවස්ථාවේ දැරියව බලහත්කාරයෙන් යෑමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

දැරිය ඊට විරෝධය පළකරමින් කෑගසන අතර වාරයේ ඇයව උස්සගෙන යෑමට අදාළ පුද්ගලයා කටයුතු කරන අයුරු ඉන්දියාව පුරා මේ වනවිට සංසරණයවන වීඩියෝවේ දැක්වෙනවා.

එම අවස්ථාවේ දී තවත් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් දැරියගේ සැමියාට ඊට උදව්කරන ආකාරය ද එහි දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැරියගේ මිත්තණිය විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව දැරිය විවාහකරගත් පුද්ගලයා, ඔහුගේ සහෝදරයා, දැරියගේ මව්පියන් සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 18 ට අඩු කාන්තාවකගේ විවාහය ඉන්දියාව තුළ නීති විරෝධී වන අතර ලිංගික අපරාධවලින් දරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ ළමා විවාහ පනතේ යටතේ අත්අඩංගුවට ගැනුණු අයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
18
+1
2
+1
2
+1
26
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?