විරෝධතා නොතකා තායිලන්තය උයිගර් සංක්‍රමණිකයන් චීනයට පිටුවහල් කරයි

වධ හිංසාවට ලක්වීමේ සහ මරණයට පවා මුහුණදීමේ අවදානම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මතු කළ අනතුරු ඇඟවීම් නොතකා අවම වශයෙන් උයිගුර්වරුන් 40 දෙනෙකු චීනයට පිටුවහල් කර ඇති බව තායි බලධාරීන් තහවුරු කර තිබෙනවා.

වසර 10ක් බැංකොක් රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි මෙම පිරිස බ්‍රහස්පතින්දා චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයට යැවූ බව සැලකෙනවා.

වයඹ දිග ෂින්ජියැන්ග් ප්‍රදේශයේ උයිගුර් ප්‍රජාවට සහ අනෙකුත් බහුතරයක් මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ සමහර විට සමූල ඝාතන සිදු කළ බවට චීනයට චෝදනා එල්ල වී තිබෙනවා.

බීජිනය සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

2015 වසරෙන් පසු තායිලන්තය උයිගුර්වරුන් පිටුවහල් කළ පළමු අවස්ථාව මෙයයි.

එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බරපතළ කනස්සල්ලක් මතු කිරීමෙන් පසු පිටුවහල් කිරීම රහසිගතව සිදු කෙරුණු බව බීබීසීය වාර්තා කළා.

තායි මාධ්‍ය වාර්තා කළේ කලු පැහැති ප්ලාස්ටික් තහඩුවලින් වීදුරු වසා දැමුණු ට්‍රක් රථ කිහිපයක්, බ්‍රහස්පතින්දා අලුයම බැංකොක්හි ප්‍රධාන සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවයි.

පැය කිහිපයකට පසුව Flightrader24 විසින් කාලසටහන්ගත නොකළ චයිනා සදර්න් එයාර්ලයින්ස් ගුවන් යානයක් බැංකොක් වෙතින් පිටත්ව ගොස් ෂින්ජියැන්ග් වෙත පැමිණෙන බව පෙන්නුම් කළා.

කොපමණ පිරිසක් පිටුවහල් කර ඇත්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

තායිලන්ත රජය පසුව කියා සිටියේ ඔවුන් දශකයකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම නිවැරදි නොවන නිසා උයිගර් ජාතිකයන් 40 දෙනා නැවත චීනයට යැවීමට තීරණය කළ නමුත් වෙනත් කිසිදු තුන්වන රටක් ඔවුන් රැගෙන යාමට ඉදිරිපත් නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?