AFC Banner
AFC Banner
Empty Ad

වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරගමවු සහ බස්නාහිර පළාත්වල උදෑසන  කාලයේදී මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ක් 55ක් දක්වා වැඩි විය හැකියි.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකි අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රලු විය හැකියි.

මේ අතර දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුලතිව් වව්නියාව ත්‍රිකුණාමලය පොළොන්නරුව මඩකලපුව අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික් සඳහා උණුසුම් දර්ශකය වැඩි අවධානය යොමු කළ යුතු මට්ට්මක පවතින බවටයි අපේක්ෂා කෙරෙන්නේ.  ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ ප්‍රදේශවල ජනතාවට උපදෙස් ලබාදෙන්නේ මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?