වියට්නාම ජාතික සභාවේ උපසභාපති ඇතුළු පිරිසක් අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

වියට්නාම ජාතික සභාවේ උප සභාපතිවරයා (නියෝජ්‍ය කතානායක) ප්‍රමුඛ පාර්ලිමේන්තු දූත පිරිසක් අද (20) මෙරට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ආරාධනයකට අනුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික සභාවේ උප සභාපති (නියෝජ්‍ය කතානායක) යෙන් ඩක් හායි (Nguyen Duc Hai) මහතා ඇතුළු පාර්ලිමේන්තු දූත පිරිසක්, සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (19) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වූයේ.

ඒ අනුව, දූත පිරිස අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත ව සිටිනවා.

දූත පිරිසේ පාර්ලිමේන්තු සංචාරය අතරතුර ශ්‍රී ලංකා – වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් හමුවීමට මෙන්ම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය සැමරීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද නියමිතයි.

දූත පිරිස මෙරට වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ද්විපාර්ශ්වික සබඳතා නව දිශාවකට යොමු කිරීමට මෙම සාකච්ඡා තුළින් අපේක්ෂා කෙරෙනවා.

දූත පිරිස කතානායක ගැලරියේ සිට පාර්ලිමේන්තුවේ රැස්වීම නැරඹීමට සහ පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වීමට ද කාලය වෙන් කර ගෙන ඇති බවයි පැවසෙන්නේ.

සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔවුන් වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) මහතාගේ කොළඹ පිහිටි ප්‍රතිමාවට ගෞරව දැක්වීමට සහ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා හමුවීමට සැලසුම් කර තිබෙනවා.

දූත පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21