විමල් වීරවංශගේ මූලික විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් අද ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 29 වනදා කැඳවන ලෙසටයි කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අල්ලස් පනත යටතේ පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව අදාළ අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කර සිය සේවාදායකයා නිදහස් කරන ලෙසත් විත්තිකාර විමල් වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නීතිඥ මණ්ඩලයක් මීට පෙර මූලික විරෝධතා ගොනුකර තිබුණා.

ඊට අදාළ තිරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අදාළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරන බවත් නඩුව විභාගය සඳහා දින නියම කරන බවයි.

2010 වසරේ ජනවාරි මස 01 වන දා සහ 2017 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කර හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36