AFC Banner
Empty Ad
Empty Ad

විභාග කොමසාරිස්ගෙන් ඉන්ධනහල් හිමියන්ට විශේෂ ඉල්ලීමක්

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු හෙට (18) දිනයේ දී ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්.ඩී.ධර්මසේන පවසනවා.

එම ඇගයීම් කටයුතුවල නිරතව සිටින නිලධාරීන්ට ඉන්ධන ලබාදීමේ දී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස විභාග කොමසාරිස්වරයා ඉන්ධනහල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව පත්වීමේ ලිපිය සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරන ලිපිය ඉදිරිපත් කරන අදාල නිලධාරීන්ට ඉන්ධන ලබාදීමේ දී ප්‍රමුඛතාව ලබාදෙන ලෙසයි ඔහු ඉන්ධනහල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?