විපක්ෂය එක මිටට එක්වෙන්න හෙට සාකච්ඡාවක් – මූලිකත්වය ජී.එල්ගෙන්

විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් හෙට (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ නායකත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

විපක්ෂ පක්ෂ අතර එක්සත් පෙරමුණක් ගොඩනැගීම පිළිබඳව ගවේෂණය කිරීම මෙම රැස්වීමේ අරමුණ වී තිබෙනවා.

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ නිවසේ දී පසුගිය සතියේ ද සාකච්ඡාවක් පවත්වා ඇති අතර, හෙට (13) පැවැත්වෙන මෙම රැස්වීම අදාළ මූලික සංවාදයේ දිගුවක් ලෙසයි සැලකෙන්නේ.

මෙම සාකච්ඡාවේ අරමුණ විපක්ෂ පක්ෂ අතර එකමුතුව ගොඩනැගීම පමණක් බවයි විපක්ෂ දේශපාලන නියෝජිතයන් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?