විපක්ෂය එක මිටට එක්වෙන්න හෙට සාකච්ඡාවක් – මූලිකත්වය ජී.එල්ගෙන්

විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් හෙට (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ නායකත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

විපක්ෂ පක්ෂ අතර එක්සත් පෙරමුණක් ගොඩනැගීම පිළිබඳව ගවේෂණය කිරීම මෙම රැස්වීමේ අරමුණ වී තිබෙනවා.

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ නිවසේ දී පසුගිය සතියේ ද සාකච්ඡාවක් පවත්වා ඇති අතර, හෙට (13) පැවැත්වෙන මෙම රැස්වීම අදාළ මූලික සංවාදයේ දිගුවක් ලෙසයි සැලකෙන්නේ.

මෙම සාකච්ඡාවේ අරමුණ විපක්ෂ පක්ෂ අතර එකමුතුව ගොඩනැගීම පමණක් බවයි විපක්ෂ දේශපාලන නියෝජිතයන් සඳහන් කරන්නේ.

  1. මේ සීයත් හැම ආන්ඩුවකම ඇමති දුරයක් දැරු කෙනෙක්.දැන්වත් ආගමක් දහමක් කරගෙන දෙයියනේ කියල ගෙදර ඉන්න හිත දෙන්නෙම නැද්ද හැබෑවට තරුන අයට අවස්ථාවක් දීල?

  2. දන් මෙතුමට තියෙන්නෙ යන තනකට පිනක් දහමක් කරගෙන ඉන්න.මොකද දන් එන්න එන්න කල්පනා සක්තියත් අඩුවෙගෙනයන නිසා.



අපගේ නවතම වීඩියෝ පුවත්