විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අන්තිමයි – කථානායක දෙහි කපයි

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (02) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔවුන් තේරුමක් නොමැති පල් හෑලි කතා කිරීම හේතුවෙන් සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වී යන බවයි කථානායකවරයා එහිදී කියා සිටියේ.

කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැඟුණු අවස්ථාවේදී කථානායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

”විපක්ෂයේ කණ්ඩායමෙන් තමයි වැඩිම කරදරය සිදුවන්නේ, මන්ත්‍රීවරුන්ට කතා කරන්න හැකියාව තියෙනවා. ඒත් විනයක් නැතුව හැසිරෙන්න ඉඩ දෙන්න බෑ” යනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?