විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (02) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
ඔවුන් තේරුමක් නොමැති පල් හෑලි කතා කිරීම හේතුවෙන් සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වී යන බවයි කථානායකවරයා එහිදී කියා සිටියේ.
කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැඟුණු අවස්ථාවේදී කථානායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
”විපක්ෂයේ කණ්ඩායමෙන් තමයි වැඩිම කරදරය සිදුවන්නේ, මන්ත්‍රීවරුන්ට කතා කරන්න හැකියාව තියෙනවා. ඒත් විනයක් නැතුව හැසිරෙන්න ඉඩ දෙන්න බෑ” යනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.














ITHIHASAYE MAMA DAKKA PAKSHAGRAHEEMA EKA. ANDU PAKSHE NEDDA OYA KIYALA UN. WIPAKSHE NAGITTOTH WADI WENNA WADI WENNA BOHOMA STUTHIYI KIYANAWA. ANDUWE UNTA WADIPURA KATHA KARANNA DENAWA. ANDUWE EKEK KATHA KARANAKOTA PRASHA AHANNA WIRODHAYA DAKWANNA, PEHEDHILI KIREEMA GANNA WIPAKSHE UNTA IDA DENNE NAHE. WIPAKSHE EKEK KATHA KARANAKOTA ANDU PAKSHE UNATA EKATA BADHA WENA ONAMA DEYAK KARANNA HAKIYI. HINA WE WEE AHAKA BALAGENA INNAWA. KIYALA WEDAK NAHE