AFC Banner
AFC Banner
Empty Ad

විනිසුරු පත්වීම් සම්බන්ධයෙන් කතානායකගේ ලිපියකට එරෙහි ව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥවරයෙකු වන බී. පී. එස්. එම්. පතිරත්න මහතා විසිනුයි මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම්, නීතිපති ඇතුළු 11 දෙනෙකු නම් කර තිබෙනවා.

පසුගිය 14 වනදා කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය මෙන් ම ඔවුන්ගේ වෘත්තීය කාර්යක්ෂමතාව පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි පෙත්සම්කරු පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) (4) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ලිපිය අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබෙන බව දැනගන්නට ලැබී තිබෙන බවත් පෙත්සම්කරු සදහන් කළා.

මේ තුළින් වගඋත්තරකරුවන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල කර ඇති බවත් අධිකරණය සතු ගෞරවය අවමානයට ලක් කර තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කළා.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 10 සහ 107 යන වගන්ති උල්ලංඝනය වන අතර අදාළ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් බලය බෙදීමේ න්‍යායයට පටහැනි බවත් ඔහු පෙන්වා දෙනවා.

එම ලිපිය තුළින් වගඋත්තරකරුවන් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති අතර නීතියේ ආධිපත්‍යය ද අභියෝගයට ලක් කර තිබෙන බවත් ඔහු චෝදනා කර තිබෙනවා.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික තිබෙන 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබෙනවා.

ඊට අමතර ව අදාළ ලිපිය ඉවත් කර ගන්නා ලෙස කතානායකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?