විනිසුරු පත්වීම් සම්බන්ධයෙන් කතානායකගේ ලිපියකට එරෙහි ව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥවරයෙකු වන බී. පී. එස්. එම්. පතිරත්න මහතා විසිනුයි මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම්, නීතිපති ඇතුළු 11 දෙනෙකු නම් කර තිබෙනවා.

පසුගිය 14 වනදා කතානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය මෙන් ම ඔවුන්ගේ වෘත්තීය කාර්යක්ෂමතාව පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි පෙත්සම්කරු පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) (4) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ලිපිය අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබෙන බව දැනගන්නට ලැබී තිබෙන බවත් පෙත්සම්කරු සදහන් කළා.

මේ තුළින් වගඋත්තරකරුවන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල කර ඇති බවත් අධිකරණය සතු ගෞරවය අවමානයට ලක් කර තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කළා.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 10 සහ 107 යන වගන්ති උල්ලංඝනය වන අතර අදාළ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් බලය බෙදීමේ න්‍යායයට පටහැනි බවත් ඔහු පෙන්වා දෙනවා.

එම ලිපිය තුළින් වගඋත්තරකරුවන් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති අතර නීතියේ ආධිපත්‍යය ද අභියෝගයට ලක් කර තිබෙන බවත් ඔහු චෝදනා කර තිබෙනවා.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික තිබෙන 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබෙනවා.

ඊට අමතර ව අදාළ ලිපිය ඉවත් කර ගන්නා ලෙස කතානායකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39