විනය පරීක්‍ෂණයක් අත්හිටුවමින් වෛද්‍ය සභාවට නියෝගයක්

බොරැල්ල වෙස්ටන් රෝහලේ සභාපති වෛද්‍ය මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාට එරෙහිව හෙට දින ආරම්භ වීමට නියමිතව තිබූ විනය පරීක්‍ෂණය පැවැත්වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ තම සේවා දායකයා ශ්‍රී ලංකාවේ සිටින පුරෝගාමී වකුගඩු ශල්‍ය වෛද්‍යවරයෙකු බවයි.

ඔහු විසින් පවත්වාගෙන යන බොරැල්ල වෙස්ටර්න් රෝහලේ සිදු කළ වකුගඩු ශල්‍යකර්ම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විමර්ශන කමිටුවක් පත් කර වාර්තාවක් ඉදිරිපත් කළ බවත් එම වාර්තාව පදනම් කරගෙන ඉදිරි පියවර කිසිවක් නොගන්නා ලෙසට අභියාචනාධිකරණය විසින් නොවැම්බර් මස 23 වනදා තීන්දුවක් ලබාදී තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එසේ තිබියදී අභියාචනාධිකරණය මගින් තහනම් කර තිබෙන අදාළ වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තම සේවාදායකයාට එරෙහිව හෙට දින විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් එම තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල පෙත්සම්කාර වෛද්‍යවරයාට එරෙහිව හෙට දින පැවැත්වීමට නියමිත විනය පරීක්ෂණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඉන් අනතුරුව පෙත්සම ජනවාරි මස 18 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36