AFC Banner
Empty Ad
Empty Ad

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය සජබය ගෙන එයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නීතිඥයින් කණ්ඩායමක් මඟින් මේ වන විට එම යෝජනාව සකස් කරමින් සිටින බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ උපදෙස් මත දැනට ක්‍රියාත්මක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලතල හිමි අගමැති පාලන ක්‍රමයක් යෝජනා කර ඇත.

ඊළඟ පාර්ලිමේන්තු සැසි වාරයට පෙර ඉහත යෝජනාවලිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට කටයුතු කරන බවත් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?