විදේශීය සමාගම් වෙත CPC ඉන්ධනහල් පැවරීම එරෙහි ව උපරිමාධිකරණයට පෙත්සමක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධනහල් හා සම්පත් විදේශීය සමාගම් වෙත පැවරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාව, එහි සභාපති චේතිය බණ්ඩාර ඒකනායක, ලේකම් බණ්ඩාර අරඹේකුඹුර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති බව වාර්තාවන්නේ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු තෙල් බෙදාහැරීමේ බලය හා එම සංස්ථාව සතු ඉන්ධනහල් පෞද්ගලික සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවත්; ඊට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය ගොනුකළ පෙත්සමෙහි අරමුණයි.

මෙම ක්‍රියාවලිය මුළුමනින් ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට ද තීන්දුවක් ලබාදෙන ලෙසත් උපරිමාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධනහල් ඇතුළු වත්කම් හා දේපොළ තෙවැනි පාර්ශ්වයේ සමාගමක් වෙත පවරාදීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්කසම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්ධන මිලදීගැනීම, සැපයීම හා බෙදාහැරීමේ කටයුතු තවදුරටත් වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීමට අදාළ ගිවිසුම්වලට එළඹීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත නිකුත් කරන ලෙසටයි පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?