විදේශීය සමාගම් වෙත CPC ඉන්ධනහල් පැවරීම එරෙහි ව උපරිමාධිකරණයට පෙත්සමක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධනහල් හා සම්පත් විදේශීය සමාගම් වෙත පැවරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාව, එහි සභාපති චේතිය බණ්ඩාර ඒකනායක, ලේකම් බණ්ඩාර අරඹේකුඹුර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති බව වාර්තාවන්නේ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු තෙල් බෙදාහැරීමේ බලය හා එම සංස්ථාව සතු ඉන්ධනහල් පෞද්ගලික සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවත්; ඊට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වය ගොනුකළ පෙත්සමෙහි අරමුණයි.

මෙම ක්‍රියාවලිය මුළුමනින් ම නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට ද තීන්දුවක් ලබාදෙන ලෙසත් උපරිමාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධනහල් ඇතුළු වත්කම් හා දේපොළ තෙවැනි පාර්ශ්වයේ සමාගමක් වෙත පවරාදීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්කසම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්ධන මිලදීගැනීම, සැපයීම හා බෙදාහැරීමේ කටයුතු තවදුරටත් වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීමට අදාළ ගිවිසුම්වලට එළඹීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත නිකුත් කරන ලෙසටයි පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33