AFC Banner
AFC Banner
Empty Ad

විදෙස් රැකියා පෙන්වා මුදල් වංචා කළ යුවළක් අත්අඩංගුවට

ප්‍රංශයේ, ජර්මනිය සහ කැනඩාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 70කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසියට පැමිණිලි 13ක් ලැබී ඇති අතර, සැකකාර යුවල වෙනත් අධිකරණ කටයුත්තක් සඳහා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පිටව යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකාර යුවළ පදිංචි පදිංචිව සිටි මොරගල්ලේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී මුදල් භාර දුන් කල ලිය කියවිලි, විදේශ ගමන් බලපත්‍ර පිටපත් ඇතුළු ලියකියවිලි රැසක් සොයාගෙන තිබෙනවා.

සැකකාර යුවළ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?