මැලේසියාවේ නීතියට අනුව සංචාරක වීසා මගින් මැලේසියාවට ඇතුල් වූ පසුව කිසිදු අයුරකින් අදාළ වීසා රැකියා වීසා බවට මාරුකරගත නොහැකි බව විදේශ සේවා කාර්යාංශය පවසයි.
ඒ අනුව මැලේසියාව තුළ රැකියාවල නිරතවීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා ඔස්සේ විදෙස්ගතවීම නොකරන ලෙසටයි දැනුම් දෙන්නේ.
මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව එම කාර්යාංශය පවසයි.













