විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවි හා කේරළ ගංජා කිලෝ 914කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් කොටුවෙයි

වෙන්නප්පුව – කම්මල මුහුදු තීරයේ දී කේරළ ගංජා තොගයක්, විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක්, එම ගිනි අවියට යොදන මැගසින් 04ක් හා ජීව උණ්ඩ 40ක් සමග සැකකරුවන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද (02) පෙරවරුවේ සිදු කෙරුණු මෙහෙයුමකදියි මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගැනුණේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 913යි ග්‍රෑම් 124ක් ද සමගින්.

කේරල ගංජා තොගය මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන එන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.

අදාළ කේරළ ගංජා තොගය වෙනත් ස්ථානයකට ගෙන යාම සඳහා සූදානම් කර තිබියදී අත් අඩංගුවට ගැනුණු අතර මෝටර් රථයක් හා කැබ් රථයක් ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් අනුරාධපුර, උළුක්කුලම හා නොච්චියාගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24,48 හා 51 යන වියෙහි පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා.

සැකකරුවන්ව හෙට (03) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?