විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවි හා කේරළ ගංජා කිලෝ 914කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් කොටුවෙයි

වෙන්නප්පුව – කම්මල මුහුදු තීරයේ දී කේරළ ගංජා තොගයක්, විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක්, එම ගිනි අවියට යොදන මැගසින් 04ක් හා ජීව උණ්ඩ 40ක් සමග සැකකරුවන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද (02) පෙරවරුවේ සිදු කෙරුණු මෙහෙයුමකදියි මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගැනුණේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 913යි ග්‍රෑම් 124ක් ද සමගින්.

කේරල ගංජා තොගය මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන එන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.

අදාළ කේරළ ගංජා තොගය වෙනත් ස්ථානයකට ගෙන යාම සඳහා සූදානම් කර තිබියදී අත් අඩංගුවට ගැනුණු අතර මෝටර් රථයක් හා කැබ් රථයක් ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් අනුරාධපුර, උළුක්කුලම හා නොච්චියාගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24,48 හා 51 යන වියෙහි පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා.

සැකකරුවන්ව හෙට (03) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16