විදෙස් මත්පැන් බෝතල් ජාවාරමක නිරත වූ ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 118ක් කටුනායක ගුවන් තොටුපොළ තුළ ඇති රථ ගාලක නවතා තිබූ කුඩා ලොරි රථයක් තුළ සඟවා ගෙන සිටි ජාවාරම්කරුවෙකු අද (05) දින ගුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි මත්පැන් ජාවාරම් සිදු කරන ව්‍යාපාරිකයෙක් බවයි වාර්තා වී ඇත්තේ.

මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත වෙනත් රටවල සිට පැමිණෙන ගුවන් මගීන් විසින් රැගෙන එන මත්පැන් බෝතල් ගුවන් තොටුපොළ රථ ගාල තුළ රැඳී සිටිමින්, අඩු මිලට ලබාගෙන, මෙසේ එකතු කරමින් , පසුව ඒවා ශ්‍රී ලංකාව පුරා සංචාරක හෝටල් වෙත වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටින්නෙකු බවත් හෙළි ව තිබෙනවා.

ඔහු සන්තකයෙහි ලේබල් – 5 විස්කි බෝතල් 99 ක් , බ්ලැක් ලේබල්, විස්කි බෝතල් 14 ක් සහ වැට් – 69 විස්කි බෝතල් 05ක් තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

මෙම ව්‍යාපාරිකයා සමග ඔහු විසින් එක් රැස්කර ගෙන තිබූ විස්කි බෝතල් තොගය අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?