විදෙස් තරුණියක් ඇතුළු තිදෙනෙකුට ඇල්ලේ දී පිරිසක් පහරදීලා – තුවාල ලැබූ තිදෙනා රෝහලේ

ඇල්ල නගරයේ දී නාඳුනන පුද්ගලයින් පිරිසක් සිදුකළ පහරදීමකින් විදෙස් ජාතික තරුණියක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ 32 හැවිරිදි ස්වීඩන් ජාතික තරුණියක් සහ ඇයගේ පෙම්වතා බව කියන 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් සහ ඔවුන්ගේ මිතුරෙක් බව කියන 29 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික තරුණයෙක්.

අද (29) අලුයම් කාලයේ සිදුකළ මෙම පහරදීමෙන් තුවාල ලැබූ තිදෙනා ඇතුළත් කර ඇත්තේ දියතලාව මූලික රෝහලටයි.

මොවුන් තිදෙනා අද (29) අලුයම 3.00ට පමණ ඇල්ල දුම්රියපොළ පාරේ පිහිටි හෝටලයක රැඳී සිට විනෝද වෙන අතර වාරයේ එම ස්ථානයකට පැමිණි පුද්ගලයෙක් මෙම විදෙස් ජාතික තරුණියගේ පසුපස ප්‍රදේශය අල්ලා තිබෙනවා.

එම අවස්ථාවේ දී බහින්බස්වීමක් සිදුව ඇති අතර, එය පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මොවුන් තිදෙනාට පහරදීමට පැමිණි පිරිස හෝටල් කාර්ය මණ්ඩලය විසින් එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව අද අලුයම 4.00ට පමණ ස්වීඩන් ජාතික තරුණිය ඇගේ පෙම්වතා සහ මිතුරා සිද්ධිය ඇති වූ හෝටලයේ සිට වෙනත් හෝටලයකට යමින් සිටිය දී කලින් පහර දුන් බව කියන පිරිස මඟ රැක සිට යළි පහර දී පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පහරදුන් පිරිස හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්ල පොලිසිය විමර්ශන ආරම්හ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
18
+1
3
+1
5
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08