විදෙස් කතකගේ මුදල් කාඩ්පත් කොල්ලකෑ තරුණයෙකු පොලිස් දැලේ

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට අයත් මුදල් කාඩ්පත් සොරාගෙන වෙළෙඳසැල් කිහිපයකින් රුපියල් 250000 ඉක්ම වූ වටිනාකමක් සහිත භාණ්ඩ මිලට ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකාර පුද්ගලයාව ඊයේ (19) රාත්‍රියේ දී හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22 හැවිරිදි සැකකරු මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රියේ ගමන් කර, එම දුම්රියෙන් ගමන් ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියේ තිබූ කාඩ්පත් රඳවනය සොරකම් කර, හැටන් සහ තලවකැලේ දුම් රිය ස්ථාන දෙක අතර දී බැස හැටන් නගරයට පැමිණ තිබෙනවා.

හැටන් නගරයේ දි සැකකරු විසින් සොරකම් කරන ලද මුදල් කාඩ්පත් උපයෝගී කරගෙන රන් මාලයක්, වටිනා ජංගම දුරකථනයක් සහ උපාංග, ඇඳුම් පැළඳුම්, සපත්තු සහ ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිල දී ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මිලදී ගත් රන් මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් කර රුපියල් 78,000ක මුදලක් ලබාගෙන තිබෙනවා.

ඇල්ල දුම්රිය ස්ථානය වෙත ගමන් ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව තමන් සතු මුදල් කාඩ්පත් අස්ථානගත වූ බවට ඇල්ල දුම්රිය ස්ථානයේ සංචාරක පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සංචාරක පොලිසිය විසින් ඒ පිළිබඳ ව හැටන් පොලිස් ස්ථානය වෙත දැනුම්දීමෙන් පසු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් මදුසංඛ මහතා ඇතුළු නිලධාරින් වහාම ක්‍රියාත්මක වී ඊයේ දින රාත්‍රියේ හැටන් නගරයේ සිට ඇල්ල දක්වා ගමන් කිරීමට මෝටර් රථයක් කුලී පදනම මත ලබා ගැනීමට පුද්ගලයෙකු විමසීම් සිදු කරන බවට ලද තොරතුරක් මත හැටන් පොලිස් නිලධාරින් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී හෙළි ව ඇත්තේ අදාළ කුලී රථය ලබා ගැනීමට පැමිණ ඇත්තේ විදෙස් කාන්තාවගේ මුදල් කාඩ්පත් සොරාගත් තැනැත්තා බවයි.

සැකකරු සන්තකයේ තිබී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ අස්ථානගත වු මුදල් කාඩ්පත් සහ මුදල් කාඩ්පත් උපයෝගී කරගෙන මිල දී ගත් භාණ්ඩ සහ රු. 38890ක දේශීය මුදල් සහ විදේශීය මුදල් නෝට්ටු දෙකක් ද පොලිසිය තම භාරයට ගත්තා.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08