විදුලි සේවකයන්ගේ ණයවල පොලිය ගෙවන්නේ ජනතාවගේ විදුලි බිලෙන් බව හෙළිවෙයි (වීඩියෝ)

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය පහසුකම්වල ප්‍රමාණය රුපියල් බිලියන 12ක් පමණ වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ සඳහා වන පොලියෙන් 2/3ක් විදුලිබල මණ්ඩල විසින්ම ගෙවීම සිදු කරන බවටයි විදුලිබල මණ්ඩලයේ විදුලිබල මන්ඩලයේ මූල්‍ය අංශය අමාත්‍යවරයා වෙත තොරතුරු ලබාදී ඇත්තේ.

විදුලිබල මණ්ඩලය තම සේවකයන්ගේ ණය පොලී වෙනුවෙන් ගෙවන මුදල් අයවන්නේ ද මහජනතාවගේ විදුලි බිලෙන් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් සහ විදුලිබල මණ්ඩලයට නව සේවකයන් බඳවාගැනීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ලෙස මීට සති දෙකකට පෙර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඊට අදාළව විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අංශය යොමුකරන ලද තොරතුරු අනුව අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණ කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති මූල්‍ය පහසුකම්වල පොලී ගෙවා දැමීම සදහා වන මුදල් මහජනතාවගේ විදුලි බිලෙන් අයකරගැනීම නවතා දමා, ණය හිමියන්ගෙන් ඒවා අයකරගැනීමට ක්‍රමවේදයක් සකස්කරන ලෙසටයි අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වයට උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම කාර්යක්ෂමතාවය වැඩිකරගනිමින් වියදම් අඩු කිරීම සදහා බාහිර පාර්ශව වෙත ලබාදීමට හැකි සේවාවන් සම්බන්ධයෙන් ද වාර්තාවක් සපයන ලෙසද දැනුම්දී තිබෙනවා.

Electricity Board1
Electricity Board2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
3
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?