විදුලි කම්බි ඇද සුනඛයෙකු මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහුගේ යාබද නිවසේ හිමිකරුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි. මෙම පුද්ගලයා තම මිදුලේ වගා කටයුතු සඳහා යොදාගන්නා වතුර මෝටරයකට සම්බන්ධ කර ඇති විදුලි රැහැනක් මගින් මෙම සත්ව ඝාතනය සිදුකර තිබේ. පැමිණිලිකරුගේ නිවසේ සුරතල් සුනඛයා ද මෙසේ විදුලි සැර වැදී මියගොස් තිබේ.
වැටකොළුවැව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අදාළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගත්තා.
