විදුලි මිල 20% කින් අඩු කරන්න මහජන උපයෝගිතා කොමිසමට උපදෙස් (වීඩියෝ)

පවතින විදුලි මිල අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශ කර තිබෙනවා.

ඊට අමතරව බලශක්ති පරිභෝජනය උපරිම ශක්‍යතාවයෙන් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට තවත් නිර්දේශ තුනක් ද මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසමට මෙම යෝජනා ඉදිරිපත් කෙරුණේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී මෙම කාරක සභාව විසින්, විසන්දි කළ විදුලි සබඳතා නැවත ලබා ගැනීමේ දී අදාල හිඟ විදුලි ගාස්තු වාරික පදනමින් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්, රාජ්‍ය අංශයේ විදුලි පරිභෝජනය පිළිබඳව විගණනයක් කරන ලෙසත් හා ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉලක්ක කර ගනිමින් සහන පොළී අනුපාත යටතේ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන අවස්ථාවන් සොයා බලන ලෙසත් මහජන උපයෝගීතා කොමිසමට නිර්දේශ කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම ආදී පාර්ශ්ව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ විදුලි මිල සම්බන්ධයෙන් බලපාන අනෙකුත් කරුණු සමාලෝචනය කල විට පවතින විදුලි මිල 33% කින් පමණ අඩු කළ හැකි බවට ගෙන එන විශේෂඥ මතය ද සැළකිල්ලට ගෙන අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින්, විදුලි බිල අඩුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ආංශික අධීක්ෂණ කාරක සභාව මෙහිදී මහජන උපයෝගීතා කොමිසමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ අනුව, මේ මස අවසන් වන විට විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදරිපත් කළ හැකි බවයි මහජන උපයෝගිත කොමිසමේ නිලධාරීන් කාරක සභාවට දන්වා සිටියේ.

මේ වන විටත් විදුලි බිල ඉහළ යාම නිසා දිවයින පුරා වාර්ථා වී ඇති විදුලිය සම්බන්ධතා කපා හැරීම් ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දුන් කාරක සභාව ඒ හරහා කර්මාන්ත ක්ෂේත්‍රයට සහ සමාජයට ඇති වී තිබෙන පීඩනය සමනය කීරීම සඳහා වාරික පදනමින් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම ද සහිතව මූලික අවස්ථාවේදී හිඟ ගාස්තුවෙන් 50% ක් පමණක් අය කර ගනිමින් නැවත සම්බන්ධතා ලබා දීමට කටයුතු කළ යුතු බවටත් කාරක සභාව නිර්දේශ කළා.

මීට අමතරව ස්ථාවර විදුලිය සම්බන්ධතා ලබා ගැනීමේදී ගෙවීමට සිදු වන ඉහළ ගාස්තු නිසා නව ව්‍යවසායකයන් අධෛර්යයට පත් වීම වැළැක්වීම සඳහා සම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව ද වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සලසන ලෙසත්, නව සම්බන්ධතා ගාස්තු සමාලෝචනය කොට එය උපරිමයකින් අඩු කිරීමට කටයුතු කරන ලෙසත් කමිටුව නියෝග කෙරුනා.

එමෙන්ම බලශක්ති සුරෂිත බව තහවුරු කිරීම සඳහා වන ප්‍රවේශයක් ලෙස රාජ්‍ය අංශයේ විදුලි පරිභෝජනය පිළිබඳව විගණනයක් සිදු කරන ලෙසටත් කාරක සභා සභාපතිවරයා මෙහිදී මහජන උපයෝගිතා කොමිසමට උපදෙස් දුන්නා.

මෙහිදී කාරක සභාව මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුවට නිර්දේශ කළේ, කර්මාන්ත සඳහා සූර්‍ය බලශක්තිය භාවිත කිරීමේ දී සූර්‍ය පැනල පද්ධති මිලදී ගැනීම සඳහා සහන පොළි යටතේ ණය ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි.

මීට අමතරව ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍යෙන්ම හඳුනාගත් අමුද්‍රව්‍ය ආනයනයේ දී ඒ මත බදු සහන පැනවීමටත්, දැනට විදුලිබල මණ්ඩලය විසින් බාහිර ගැනුම්කරුවන්ට සහ වෙනත් ආයතනවලට අලෙවි කරනු ලබන තඹ, ඊයම්, ඇළුමිනියම් සහ අනෙකුත් කාර්මික අබලි ද්‍රව්‍ය නිසි නිර්දේශ මත ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙසටත් අදාළ ආයතන වෙත නියෝග කළා.

තවද කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කරවීමට කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර, සතියක් තුළ එහි ප්‍රගතිය වාර්තා කිරීමටත් කටයුතු කරන ලෙසයි කාරක සභාව සියලු පාර්ශව වෙත දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තාත්තට නඩු, අම්මට නඩු, මල්ලිට නඩු - කතාකරන්න කළින් නඩුවලින් නිදහස් වෙලා එන්න
07:37
Video thumbnail
අධිකරණයේ බලය ජනපති නතු කරගන්න යන්නේ ? - සියල්ල යටපත් කරගෙන ඉන්නේ කුමන්ත්‍රණයකට
08:16
Video thumbnail
සිල්ලර වැඩ කරලා ගොවියාව නවත්වන්න බෑ - සෙල්ලම් දාන්න එන්න එපා
06:31
Video thumbnail
චීන සහෝදරත්වයේ සෙනෙහස රැගෙන චීන තානාපති දිලිත්ගේ ගමට
05:45
Video thumbnail
පරණ මන්තරයම ජප කරන්න හදන්නේ දෙවෙනි ඉනිම ජයග්‍රහණය කරන්න - ජනපතිට කිසිම දැක්මක් නෑනේ
04:34
Video thumbnail
සජිත් ජනාධිපති වුණා නම්, අද මන් විනාඩියක්වත් පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ
09:52
Video thumbnail
ගොවියෝ එකතුවෙලා මේ ආණ්ඩුව පෙරළනවා
07:58
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21