සිඟිතිගේ ගෙදර ගිය සුසිත ගැන දින කිහිපයක සිට තොරතුරක් නැහැ (වීඩියෝ)

පසුගිය 22 වනදා මිතුරෙකු සමඟ, ආරාධනයකට අනුව වස්සාඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසට ගිය බව කියන තරුණයෙක් මේ වනවිට අතුරුදන්ව ඇති බව එම තරුණයාගේ සහෝදරයා පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය, කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි සුසිත ජයවංශ නැමැති තරුණයෙක්.

මෙම තරුණයා පසුගිය 22 වනදා “සිඟිති” නමින් හඳුන්වන පුද්ගලයෙකුගේ නිවසට මෙලෙස ගොස් ඇති අතර, එම නිවස හිමි සිඟිති නැමැත්තා සහ නිවැසියන් ද මේ වනවිට අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් තරුණයා සමඟ 22 වනදා එහි ගිය අනෙක් තරුණයා පවසා ඇත්තේ තමන් නිවස අසළ රැඳී සිටිය දී මිතුරා සිඟිති යන අයගේ නිවසට ගිය බවයි.

කෙසේ වෙතත් සැළකිය යුතු වේලාවක් ගතවුවත් මිතුරා නොපැමිණි හේතුවෙන් තමන් දිගින් දිගටම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කළත් එය ක්‍රියා විරහිතව තිබූ බවයි මිතුරා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර අදාළ තරුණයා ගිය නිවසේ, නිවෙස් හිමියන් එහි සිට වාහන දෙකකින් අධික වේගයෙන් නිවසින් පිටව යන ආකාරය අසල්වැසියන් දැක තිබෙනවා.

කෙසේ වෙතත් සිඟිති නැමැත්තා සුසිතගේ මිතුරෙකුට පසුව දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ සුසිත මරා දැමූ බවයි.

එමෙන්ම පොලිසියට ගොටු අල්ලන පිරිසක් තවමත් ඉන්නා බවත්, ඔවුන් ද මරා දමන බවට සිඟිති නැමැත්තා තර්ජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය විමර්ශන මෙහෙයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14