විදුලි බිල ගෙවීමේ දී අඩු ආදායම්ලාභි ජනතාව සදහා සහනාධාර ක්‍රමයක් නිර්දේශ කළ බව මහජන උපයේගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.විදුලි බිල වැඩි කිරීමට අදාළ ව ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාව සහ වැඩිදුර තොරතුරු හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරන බවයිි මහජන උපයේගිතා කොමිෂන් සභා සභාපති ජනක රත්නායක පැවසුවේ.
එමෙන්ම විදුලි ගාස්තු ඉහළ නැවීම සම්බන්ධයෙන් ජනතාවගේ යෝජනා ලබා ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින්කාලයක් ප්‍රකාශයට පත් කොට තිබේ.හෙට සිට සති තුනක කාලයක් තුළ මේ සඳහා මහජනතාවට යෝජනා ලබා දිය හැකියි.
ඒ අතර විදුලි ගාස්තු වැඩි කිරීම සම්බ්න්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනා ද හෙට (28) මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියට උඩුගත කිරීමට නියමිතයි.




