AFC Banner
AFC Banner
Empty Ad

විදුලි බිල වැඩි වීමට එරෙහිව පන්දම් රැගෙන පාරට (ඡායාරූප)

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව රජයට විරෝධය පළ කරමින් කැකිරාව ඉහළගම ප්‍රදේශයේ ජනතාව ඊයේ (25) රාත්‍රී විරෝධතාවයක නිරත වුණා.

ඉහළගම හා අවට ජනතාවගේ සහභාගීත්වයෙන් කැකිරාව තලාව මාර්ගයේ ඉහළගම මංසන්ධියේදී එම විරෝධතාවය පැවැත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා පාඨ කියමින් වැඩි වූ විදුලි බිලට විරෝධය පා පන්දම් දල්වාගෙන ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

දරාගත නොහැකි සේ ඉහළ දමා ඇති විදුලි බිල ගෙවීම ජනතාවට අසීරු කාර්යක් බැවින් එය අඩුකරන ලෙසටයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

පවතින ආර්ථීක තත්වය අනුව විදුලි බිල අඩු කිරීම, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල අඩු කිරීමත් මෙන්ම වෙනත් සහන ද අවශ්‍ය බව විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

රජය විදුලි බිල අඩුකර තමන්ට සහන ලබා දෙන තෙක් දිගින් දිගටම මහපාරට බැස මෙලෙස විරෝධතාවයේ නියැලෙන බවදයි ඔවුන් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?