විදුලි බිල වැඩි වීමට එරෙහිව පන්දම් රැගෙන පාරට (ඡායාරූප)

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව රජයට විරෝධය පළ කරමින් කැකිරාව ඉහළගම ප්‍රදේශයේ ජනතාව ඊයේ (25) රාත්‍රී විරෝධතාවයක නිරත වුණා.

ඉහළගම හා අවට ජනතාවගේ සහභාගීත්වයෙන් කැකිරාව තලාව මාර්ගයේ ඉහළගම මංසන්ධියේදී එම විරෝධතාවය පැවැත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා පාඨ කියමින් වැඩි වූ විදුලි බිලට විරෝධය පා පන්දම් දල්වාගෙන ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

දරාගත නොහැකි සේ ඉහළ දමා ඇති විදුලි බිල ගෙවීම ජනතාවට අසීරු කාර්යක් බැවින් එය අඩුකරන ලෙසටයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

පවතින ආර්ථීක තත්වය අනුව විදුලි බිල අඩු කිරීම, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල අඩු කිරීමත් මෙන්ම වෙනත් සහන ද අවශ්‍ය බව විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

රජය විදුලි බිල අඩුකර තමන්ට සහන ලබා දෙන තෙක් දිගින් දිගටම මහපාරට බැස මෙලෙස විරෝධතාවයේ නියැලෙන බවදයි ඔවුන් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52