ජනපතිවරණය වෙනුවෙන් ජනවාරි මස සිට විදුලි බිලට සියයට දහයක සහනයක් දෙන්නට ආණ්ඩුව කටයුතු කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කියයි.
එහිදී තවදුරටත් කතා කළ හිටපු අමාත්‍යවරයා මෙසේ ද කීය. රජය ලබන වසර මැතිවරණ වසරක් ලෙස නම් කොට තිබෙනවා.
ඒ නිසා ලබන වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. මේ නිසා කොපමණ බදු වැඩි කළත් රජය ජනතාවට යම් යම් සහන දෙන්න බලාපොරොත්තු වෙයි. ඒකට හේතුව තමයි මේ මැතිවරණ වසර.
අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) කුරුණෑගලදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අනුව ජනතාව රවට්ටන්නට දැනටමත් රජයේ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන බවට පැහැදිලියි. එහි පළමු පියවර තමයි ජනවාරි මස සිට විදුලි බිලට සියයට දහයක සහනයක් දෙන්නට කටයුතු කර තිබීම. ඊට අමතරව ඉන්ධන මිලත් යම් තරමක අඩුවක් කරන්න බලාපොරොත්තුවක් තියෙන බව රජය දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා.














