AFC Banner
AFC Banner
Empty Ad

විදුලි බලාගාර 08ක් නවතී

මේ වන විට විදුලි බලාගාර 08ක් නවතා දැමීමට සිදුව තිබෙන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

ඒ විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන්.

ඒ අනුව, ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර වන සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යනයන බලගාර දෙක පමණක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

විදුලි බල මණ්ඩලය පුරෝකථනය කර ඇති ආකාරයට හෙට (මාර්තු 02) දිනය දක්වා විදුලි සැපයුමට අවශ්‍ය ෆර්නස් තෙල් ප්‍රමාණය ඝනමීටර් 1,036 ක් වුව ද මේ වන විට පවතින ප්‍රමාණය වන්නේ ඝනමීටර් 716 ක් පමණයි.

එමෙන්ම නැප්තා ප්‍රමාණය ඝනමීටර් 950 ක් වුව ද මේ වන විට බලාගාර සතුව නැප්තා නොමැති බව ද විදුලි බල මණ්ඩලය පවසනවා.

හෙට දින දක්වා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඝනමීටර් 2,640ක් වුව ද බලාගාර සතුව පවතින්නේ ඩීසල් ඝණමීටර් 650 ක් පමණක් බවයි වාර්තා වන්නේ.

තව ද රටට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා පවතින පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වන ජල විදුලි බලාගාර, සූර්ය බලාගාර, තාප බලාගාර, සුළං බලාගාර සහ ජෛව ස්කන්ධ මගින් සීමා සහිතව තවදුරට ත් විදුලි උත්පාදනය සිදු කෙරෙන බව ද විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?