විදුලි ගාස්තු ගැන ජාතික සභාවේදී අවධානය

විදුලි ගාස්තු වැඩිකිරීමට කඩිනම් අනුමැතිය දීමට හා අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු වැඩි කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගැනීමට අද දින ලේඛන යොමුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජාතික සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.

විදුලි ගාස්තු වැඩිකිරීමට කඩිනමින් අනුමැතිය ලබාදීමට සහ අතීතයට බලපාන ආකාරයෙන් විදුලි ගාස්තු වැඩිකිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන්, මහජන උපයෝතා කොමිෂන් සභාවට හැකිද යන්න නීතිපතිවරයාගේ මතය විමසීමට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළ බවයි, එහි සාමාජිකයෝ, ජාතික සභාව හමුවේ කියාසිටියේ.

ඒ අනුව අද දින (25) ඊට අදාළ ලේඛන නීතිපතිවරයාට යොමුකිරීමට බලාපොරොත්තු වන බවද කොමිෂන් සභාවේ සාමාජිකයන් සඳහන් කර තිබෙනවා.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කෙරුණේ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන්, ජාතික සභාව, ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

මෙහිදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, මේ ආකාරයෙන් අතීතයට බලපාන ලෙස 2014 වසරේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කොට ඇති බවයි.

ඒ පිළිබඳ තමන් සතු ලිපි ලේඛන අවශ්‍ය නම් කොමිෂන් සභාවට ලබාදිය හැකි බවද ඔහු ප්‍රකාශ කළා. එසේම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් හැකි ඉක්මණින් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි අම,අමාත්‍යවරයා ඉල්ලීමක් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බව, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36