විදුලි ගාස්තු වැඩිකිරීමට කඩිනම් අනුමැතිය දීමට හා අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු වැඩි කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගැනීමට අද දින ලේඛන යොමුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජාතික සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.
විදුලි ගාස්තු වැඩිකිරීමට කඩිනමින් අනුමැතිය ලබාදීමට සහ අතීතයට බලපාන ආකාරයෙන් විදුලි ගාස්තු වැඩිකිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන්, මහජන උපයෝතා කොමිෂන් සභාවට හැකිද යන්න නීතිපතිවරයාගේ මතය විමසීමට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළ බවයි, එහි සාමාජිකයෝ, ජාතික සභාව හමුවේ කියාසිටියේ.
ඒ අනුව අද දින (25) ඊට අදාළ ලේඛන නීතිපතිවරයාට යොමුකිරීමට බලාපොරොත්තු වන බවද කොමිෂන් සභාවේ සාමාජිකයන් සඳහන් කර තිබෙනවා.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කෙරුණේ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන්, ජාතික සභාව, ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.
මෙහිදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, මේ ආකාරයෙන් අතීතයට බලපාන ලෙස 2014 වසරේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කොට ඇති බවයි.
ඒ පිළිබඳ තමන් සතු ලිපි ලේඛන අවශ්‍ය නම් කොමිෂන් සභාවට ලබාදිය හැකි බවද ඔහු ප්‍රකාශ කළා. එසේම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස් හැකි ඉක්මණින් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි අම,අමාත්‍යවරයා ඉල්ලීමක් කළේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බව, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.














PIRIWEYA DARA GANNA BERINAM APIWA MARAGENA KANNA HADANNE NATHIWA OKA ATHULE KISIMA WEDAK NOKARA NIKAN PADI GANNA LOKU PUTU TIKA ADU KARAPAN. EKA EKA ANSHA HADAGENA MELO OUTPUT EKAK NATHI UDHE AWITH NIKAN INDHALA HAWASA YANA ANSHA REZISE KARAPAN. UNGE FACILITIES ADU KARAPAN. EKATA WAHANA 2-3 DENA EKA NAWATHTHAPAN, GEDRA AYATA YANNA ENNA DENA WAHANA NATHI KARAPAN. HEMA EKATAMA JOB DESCRIPTION DEEPAN UNGEN KERENNA ONA BALAPOROTTHU WENA RAJAKARI GENA, UNWA FOLLOWUP KARANNA SYSTEM HADAPAN, MASA 3 PERFORM KARANNE NATHI UN EKKO AYIN KARALA DAPAN, AYE GANNA EPA, NATHINAM POOL EKATA DAPAN. SHOTR, MID, LONG TERM PLAN HADAPAN. SWOT ANALYSIS HADAPAN. EWATA FACE KARANA WIDHIHA PLAN KARAPAN. SALLI HOYANNA KALIN ATHULEMA SALLI KANA EWA HOYAGENA EWA WAHAPAN. AYA WENNA THIYENA NAYA AYA KARA GANIN. PODI MINIHAGEN NOWEYI LOKU COMPANY KARAYIN, AMATHILA, NILDHAREEN GEN. OYA TIKA KETI KALEKIN KARALA BALAPAN. BILLION GANAK ITHIRI WEYI. ITA PASSE THOPITA WADI KARANNA NOWEYI ADU KARANNA WEYI. BILLION GANAK LABHA WENA NISA. MEHA THANAMA NASTHIYA, WANCHAWA, DUSHANYA, HORAKAMA, ALASAKAMA, NIKAMMU. MEWA THIYAGENA APITA KELINNA ENNA EPA.