විදුලි ගාස්තු ගැන ජනක රත්නායකගේ පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දින ලබාදෙන ලෙසටයි.

ඒ අනුව සීමිත සීමිත විරෝධතා අප්‍රේල් මස 20 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තර කරුවන්ට භියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 09 වනදා කැඳවීමට නියම කළා

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය, ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත 2023 ජනවාරි මස 5 වැනිදා ඉදිරිපත් කළ අතර ඒ අනුව අදාළ කොමිසම විසින් පුවත්පත් දැන්වීම් පළ කර ඊට අදාලව විවිධ පාර්ශව ගෙන්වා අදහස් ලබාගත් බව ද පෙත්සම්කරු පෙන්වා දෙනවා.

පසුගිය පෙබරවාරි මස 13 සිට 24 වැනිදා දක්වා තමන් විදේශගත වී සිටි බවත් එම කාල සීමාවේ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවැති මාර්ගගත සාකච්ඡාවකදී මෙම ගාස්තු සංශෝධනය කිරීමට තමා විරුද්ධ වු බවයි පෙත්සම්කරු කියාසිටියේ.

එහෙත් අදාළ කොමිසමේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය මත මෙම ගාස්තු සංශෝධනය අනුමත කෙරුණු බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.

මෙම ගාස්තු සංශෝධනය තුළින් අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මහජන උපයෝගීතා කොමිසම යනු මහජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින ආයතනයක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එහෙත් මෙම විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය දීම තුළින් එම කොමිසම මහජන යහපතට පටහැනි ආකාරයෙන් කටයුතු කර ඇති බවත් එය නීතියට පටහැනි බවත් ප්‍රකාශ කරනවා.

එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු වැඩි කිරීම තුලින් මෙරට මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගාස්තු සංශෝධනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ තවත් පෙත්සම් දෙකක් ද මැයි මස 9වන දා සලකා බැලීමට අධිකරණ විසින් දින නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35