විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ජාතික සභාවේ සාකච්ඡාවට

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් කැඳවා කරුණු විමසීම ජාතික සභාවේදී සිදුවී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ, ජාතික සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් ඊයේ (19) දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

කැබිනට් මණ්ඩලයේ අනුමතිය සහිතව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය ගෙනආ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඉක්මනින් තීරණයක් ලබාදීම සිදු කළ යුතු බව මෙහිදී විදුලිබල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් පෙන්වාදී තිබෙනවා.

නමුත් මෙහිදී අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ පළමුව අවශ්‍ය ගණනය කිරීම් අවසන් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂම සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බව මෙහිදී අදහස් දක්වමින් කතානායකවරයා ප්‍රකාශ කළා.

එබැවින් එම සාකච්ඡාවන් සිදු කර ලබන 24 දින නැවත මෙම සියලු පාර්ශ්ව ජාතික සභාව වෙත කැදවීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

මීට අමතරව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකාරක සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක විසින් ජාතික සභාවට ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?