විදුලි කප්පාදුවක් ගැන පැතිර යන පුවත් බොරු – බලශක්ති අමාත්‍යංශය

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුලු විවිධ ගැටලු මතු වී ඇති බවත්, ඒ හේතුවෙන් අප්‍රේල් මාසය වන විට විදුලිබල කප්පාදුවකට යාමට සිදුවන බවටත් පැතිර යන පුවත් සාවද්‍ය බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල් අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති බවත් බලාගාරයේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි බලශක්ති අමාත්‍යංශය මඟින් ඊට අදාළව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.

ඉතිරි සැපයුම් බාදාවකින් තොරව සැපයිය හැකි බවට සැපයුම්කරු අවධාරණය කර ඇති බවද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව අප්‍රේල් මාසය අවසානය තෙක් විදුලි ජනනය සඳහා අවශ්‍ය දැවි තෙල් තොග පවතින තත්වයක් තුළ විදුලි කප්පාදුවක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !