විදුලි උපකරණ තුළ සඟවා කුෂ් අරන් ඇවිත් – කතුන් තිදෙනෙක් අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි දොළහක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් විදුලි උපකරණ තුළ සඟවා මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් ඊයේ (19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරියන් තිදෙනා ගුවන් තොටුපොළේ ‘රක්ත මාවත’ ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් තිදෙනා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක් ඇයගේ සහ 18 හැවිරිදි දියණිය සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.

මොවුන් මෙම කිලෝ ග්‍රෑම් 12ක මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන ඒවා වායුසමීකරණ සහ විදුලි ආහාර පිසීමේ උපකරණ 07ක් තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එතැන් සිට ඊයේ (19) රාත්‍රී 06.30ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම කාන්තාවන් තිදෙනා මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට විදුලි උපකරණ රැගෙන විත් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේ දී රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකාරියන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?