විදුලි උපකරණ තුළ සඟවා කුෂ් අරන් ඇවිත් – කතුන් තිදෙනෙක් අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි දොළහක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් විදුලි උපකරණ තුළ සඟවා මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් ඊයේ (19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරියන් තිදෙනා ගුවන් තොටුපොළේ ‘රක්ත මාවත’ ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු කාන්තාවන් තිදෙනා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක් ඇයගේ සහ 18 හැවිරිදි දියණිය සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.

මොවුන් මෙම කිලෝ ග්‍රෑම් 12ක මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන ඒවා වායුසමීකරණ සහ විදුලි ආහාර පිසීමේ උපකරණ 07ක් තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එතැන් සිට ඊයේ (19) රාත්‍රී 06.30ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම කාන්තාවන් තිදෙනා මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට විදුලි උපකරණ රැගෙන විත් ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේ දී රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකාරියන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04