විදුලිය කපන හරිම දවස මෙන්න

තාප විදුලි බලාගාරවල දැවි තෙල් ලබන අඟහරුවාදා (25 වැනිදා) වන විට අවසන් වීම නිසා එදින සිට රාත්‍රී කාලයේ විදුලිය සැපයුම කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පැවසීය.

දැවිතෙල් නොමැතිවීම නිසා විදුලි බලාගාර කීපයක් ඇන හිටීමෙන් අඟහරුවාදා දිනයේ සිට මෙගාවොට් 183 ක ප්‍රමාණයක් විදුලිබල පද්ධතියට අහිමි වන බවත් ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ දී අනිවාර්යයෙන්ම විදුලි සැපයුම අත්හිටුවීමට සිදු වන බවත් ආචාර්ය සුසන්ත පෙරේරා මහතා කීය.

විදුලි සැපයුම විසන්ධි කරන ආකාරය සහ වේලාව ලබන සදුදා දැනුම් දෙන බවත් සදුදා දිනය වනතෙක් විදුලිය විසන්ධි කිරීමේ කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවත් සුසන්ත පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතා කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?