විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය ගැන සොයා බැලීමක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මේ සඳහා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මෙහි දී නව නීති කෙටුම්පත් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිදු කළ හැකි ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර ඉන් පළමු කොටස ලෙස විදුලිය බෙදාහැරීමට අදාළව වෙන් කර ඇති කලාපවල වෙන් වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාමට අදාළ අවශ්‍යතා සම්පුර්ණ කිරීම සිදු කෙරෙනු ඇති.

එමෙන්ම ප්‍රතිව්‍යුගත කිරීමට අත්‍යවශ්‍ය වන මානව සම්පත් කළමනාකරණයට, වත්කම් කළමනාකරණයට සහ මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය විගණනයන් කඩිනම් කිරීමට ද තීරණය කර තිබෙනවා.

තාක්ෂණය වැඩි වශයෙන් මෙම වැඩපිළිවෙලට යොදා ගැනීමට සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් පිරිවැය අඩු කිරීමට ඉවහල් වන යෝජනා පිළිබඳව සාකච්ඡා කරන ලද අතර පොදුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බවයි ඉහළ පාලන අධිකාරිය විසින් ද අමාත්‍යවරයා ට පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?