විජයදාස ජනාධිපතිවරණයට එයිද ? තීරණය සති කිහිපයකින් (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ තීරණයක් ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඇතුළු තවත් විශාල පිරිසක් තමන්ගෙන් එම ඉල්ලීම සිදුකර ඇති බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

කෙසේ වෙතත් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් ඉදිරිපත්වන පක්ෂය සම්බන්ධව අදහස් දැක්වීමක් සිදුකළේ නැහැ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙක් සොයාගැනීමට නොහැකි මට්ටමට දුර්වල වී ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?