Empty Ad
AFC Banner
Empty Ad

වෑන් රථයකින් පැමිණි පිරිසක් ලංගම බස් රථ රියදුරුට පහර දෙයි (දර්ශන සහිතයි)

මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ, පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉතා අනාරක්ෂිත ලෙස මාර්ගයේ ධාවනය කරනු ලැබු දර්ශන පෙළක් බස් රථයක ගමන් ගත් මගියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබේ.

ඊයේ (21) පෙරවරුවේ එම බස් රථ දෙක ඉතා අනාරක්ෂිත අයුරින් මගීන් ද සමඟ ධාවනය වන අයුරු එම දර්ශනවල දැක්වේ. පෞද්ගලික බස් රථය වෙනත් කිසිදු වාහනයකට මාර්ගයේ ඉස්සර කිරීමට ඉඩ ලබා නොදී මගීන් ප්‍රධාන මාර්ගයෙන් බැස්සවීමට හා නංවා ගැනීමට කටයුතු කරන ආකාරය ද එම දර්ශනවල සටහන්ව ඇත. මේ අතර, එම ලංගම බස් රථයට බකමූණ නගරයේ දී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට නතර කර බසයේ රියදුරුට පසුගිය 18 වන දා පහර දී තිබු බව වාර්තා වේ. එම පහරදීම හේතුවෙන් රියදුරු 20 වන දින දක්වා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත සේවයට වාර්තා කොට ඊයේ (21) ගමන් කරමින් සිටිය දී මෙලෙස මාර්ගය හරස් කළ බව ලංගම බස් රථයේ රියදුරු ඩබ්ලිව්. එම්. තුෂාර ප්‍රදීප් මහතා පවසයි.

බකමූණ නගරයේ දී සුදු පැහැති වෑන් රථයක් හරස්කොට පුද්ගලයින් පිරිසක් රියදුරුට පහර දෙන ආකාරයත් එම ස්ථානයට කාන්තා පොලිස් නිලධාරීනියන් දෙදෙනෙකු පැමිණ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගන්නා ආකාරයත් ජංගම දුරකථනයක පටිගත කර තිබේ. මේ පිළිබඳව බකමූණ පොලීසියෙන් කළ විමසීමක දී ඔවුන් පවසා සිටියේ, මහියංගනය ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු පැමිණිල්ලක් සිදුකර රෝහල්ගත වී ඇති බවත් පෞද්ගලික බස් රථයේ රියදුරුද 18 දින පහරදීම ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහුද බකමුණ ප්‍රදේශයේම රෝහලක ප්‍රතිකාර ලබන නිසාත් පාර්ශව දෙකෙහිම තොරතුරු අධිකරණයට වාර්තා කර ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?