වැස්ස තවදුරටත් – 8328ක් පීඩාවට (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික් 12ක පවුල් 2151ක 8328 දෙනෙකු පීඩාවට ලක්ව සිටිනවා.

දිස්ත්‍රික් නවයකට පනවා ඇති නායයාමේ අනතුරු ඇඟවීමද තවදුරටත් ක්‍රියාත්මක වන අතර හෙට දිනයේ වැසි තත්ත්වය තවත් වැඩිවිය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ.

අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයකින්ම ආපදා තත්ත්වයන් වාර්තා වූ අතර අද අලුයම ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා මතුව තිබුණා.

අලුයම තුනට මෙම නායයාම සිදුවීමත් සමඟ මාර්ග සංවර්ධන අධිකාරිය සහ ඇල්ල පොලිසිය තවත් ආයතන කිහිපයක් සමග එක්ව මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට පියවර ගත්තා.

තවදුරටත් පස්කදු සහ ගල්වැටි කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිත කරන්නන් විමසිලිමත් විය යුතු බවයි අදාළ නිලධාරීන් පවසන්නේ.

අධික වර්ෂාවෙන් පුත්තලමේ පහත් බිම් රැසක් ද ජලයෙන් යට වී තිබෙනවා. ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග රැසක ජලය රැදී තිබීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. කිරම, වරාපිටිය, වළස්මුල්ල, ආදී ප්‍රදේශවලට අධික වැස්සක් ඇද හැලෙන අතර වලස්මුල්ල දෙයියන්දර මාර්ගයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී බාධා එල්ල වී ඇති බව සඳහන්.

රන්න කට්ටකඩුව වැව ද මේ වන විට වාන් දමමින් පවතිනවා.

වරාපිටිය වැව පෝෂිත ප්‍රදේශය වන රන්මලකන්දට ඇද හැලෙන වැසි හේතුවෙන් එම වැවේ උපරිම ධාරිතාවට ජලය පිරීමත් සමඟ වාන් දොරටු විවෘත කෙරුණා.

බගවන්තලාව ප්‍රදේශයට අධික වැසි ලැබීමත් සමඟ කාසල්රී ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. එම ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. අවට මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

ගාල්ල ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී තිබෙනවා. අක්මීමන, බද්දේගම සහ යක්කලමුල්ල ප්‍රදේශවලටයි ගංවතුරෙන් වැඩි බලපෑම් සිදුව ඇත්තේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ යම්කිසි ආකාරයක නායයාමක් පස්කදු කඩා වැටීමක් හෝ පොළොව ගිලා බැසීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවයි.

ප්‍රදේශ කිහිපයක පස් කදු කඩා වැටීම් සිදුව ඇති බවයි එම සංවිධානය තවදුරටත් පවසන්නේ.

බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්වලට නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇගවීම තවදුටරත් ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

අයහපත් කාලගුණය වගා බිම්වලට ද දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. එළවළු වගාවන් රැසක් විනාශ විමට පටන් ගෙන ඇති බවයි ඌවපරණගම එළවළු ගොවින් පවසන්නේ.

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් රැසක් වෙසෙන ඌවපරණගම, මැදවෙල, උඩුහාවර, ගලහගම, බෝඹුරුඇල්ල, අඹගස්දෝව ආදී ප්‍රදේශවල වගාවන්ට දැඩි හානි සිදුව තිබෙනවා.

මේ අතර දිවයිනට බලපැවැත්වෙන වැසි සහිත කාලගුණික තත්ත්වය එළැඹෙන 21 වැනි දායින් පසු ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ මෙන්ම අද උදෑසනත් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට වර්ෂාව පැවති අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32