ට්‍රැෆික් නිලධාරින් දෙදෙනෙක් මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක් (ඡායාරූප)

අනුරාධපුර – නුවර මාර්ගයේ කවරක්කුලම හංදිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.

අද (17) උදෑසන 7.30ට පමණ මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇත්තේ අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.

මෙම නිලධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී මාර්ග අසළ තිබූ ගසක් මෙලෙස ඔහු මතට කඩාවැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අනුරාධපුර මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Image 2024 05 17 at 9.32.54 AM
WhatsApp Image 2024 05 17 at 9.31.58 AM
WhatsApp Image 2024 05 17 at 9.18.18 AM
WhatsApp Image 2024 05 17 at 9.17.44 AM
WhatsApp Image 2024 05 17 at 9.17.58 AM
  1. අහිංසක මිනිස්සුන්ට දෙන ගින්දර වලට පාත්වෙන හෙන තමා ඔය. දවස ගානේ කන පගාව වලට ලැබෙන දඩුවම්