බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල නාගරික ප්‍රදේශවලට ක්ෂණික ගංවතුර අවදානමක්

ඉදිරි දින කිහිපය තුළ ඇතිවිය හැකි වර්ෂාපතන සමඟ දිවයිනේ ඇතැම් ගංඟා ද්‍රෝණි ගංවතුර ආපදා තත්ත්වයකට පත්වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර පවසනවා.

ඒ, අනුව අත්තනගලු ද්‍රෝණිය, කැළණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ සහ මහ ඔය ද්‍රෝණිය යම් තරමක ගං වතුර මට්ටමකට පත්වීමේ අවදානම් පවතින බවයි ඔහු සඳහන් කළේ.

ඉහත ගංඟා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල ගංවතුර නිම්නයේ පදිංචි ජනතාව සහ එම නිම්නවල ඇති මාර්ගවල ගමන් ගන්නා රථවාහන රියදුරන් ද අවදානයෙන් පසුවන ලෙසට ද දැනුම් දෙනවා.

එමෙන්ම පවතින අධික වැසි සහිත තත්ත්වයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ වැනි පළාත්වල නාගරික ප්‍රදේශවල ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව එවැනි අවදානම් සහිත ප්‍රදේශවල මාර්ගයන් හි ගමන් කරන රථවාහනවල රියදුරන් සහ එම ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැළකිල්ලෙන් පසසුවෙන් ලෙසයි ඔහු පැවසුවේ.

එමෙන්ම මේ වනවිට දිවයිනේ ජලාශවල ජල මට්ටම සමස්ථයක් ලෙස 75%ක ආසන්න මට්ටමේ පවතිනවා.

මෙම තත්ත්වය මත ජලාශවල ධාරා ප්‍රදේශවලට ඇතිවිය හැකි අධික වර්ෂාපතනයත් සමඟ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමේ හැකියාවක් පවතින අතර, ඒ හේතුවෙන් ජලාශවලින් පහළ ප්‍රදේශවල සිටින ජනතාව කල්පනාවෙන් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16