චෙන්නායි පිළ අවසන් මොහොතේ පරාජය කළ බැංගලෝරය IPL සුපිරි හතරදෙනා අතරට

2024 අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමට ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඊයේ (18) රාත්‍රියේ සිදු වුණා.

ඒ, බැංගලෝර් හි එම්.චින්නස්වාමි ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම හමුවේ ලකුණු 27 කින් පරාජය වීමත් සමඟයි.

චෙන්නායි පිළ පරදා මෙම තරගය ජයගත් බැංගලූරු ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ තම ස්ථානය හිමකර ගත්තා.

ඒ, අනුව ඔවුන් මේ වනවිට සුපිරි හතරදෙනා අතර හතරවන ස්ථානයේ රැඳී සිටිනවා.

ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 218ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මේ අතර රෝයල් චැලෙන්ජස් ඉනිමේ සිව්වන පන්දුවාරයේ දී ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ තරගය විනාඩි 45ක පමණ කාලයකට නවතා දමන්නට විනිසුරුවරුන්ට සිදු වුණා.

රෝයල් චැලෙන්ජස් ඉනිම වෙනුවෙන් නායක ෆාෆ් ඩු ප්ලෙසිස් ලකුණු 54ක් රැස්කළ අතර, මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින විරාට් කෝලි රැස්කළ ලකුණු සංඛ්‍යාව 47ක්.

පන්දු යැවීමේ දී ෂර්දුල් තාකූර් බැංගලූරු ඉනිමේ කඩුලු 02ක් දවාගත්තේ ඔහුගේ පන්දුවාර 04ට ලකුණු 61ක් ලබා දෙමින්.

අනතුරුව ලකුණු 219ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායමට ඔවුන්ගේ ඉනිම පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 191කට සීමා කරන්නට බැංගලූරු පන්දු යවන්නන් සමත් වුණා.

චෙන්නායි කණ්ඩායමට දළ ලකුණු ලබාගැනීමේ වේගයත් සමඟ සුපිරි 04 දෙනාගේ වටයට සුදුකම් ලබාගැනීමට අවස්ථාව ද පැවතියා.

ඒ, අනුව ඔවුන්ට අවසන් පන්දුවාරය තුළ ලකුණු 17ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණා.

කෙසේ වෙතත් චෙන්නායි ඉනිමේ අවසන් පන්දුවාරය යවූ යෂ් දයාල් ලකුණු 07කට එම පදුවාරය සීමා කළේ බැංගලූරු කණ්ඩායමට අවශ්‍යව තිබූ ප්‍රබල පිතිකරු මහේන්ද්‍ර සිං දෝණිගේ කඩුල්ල ද දවා ගනිමින්.

අවසානයේ මෙම තරගය ලකුණු 27කින් ජයගැනීමත් සමඟ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම සුපිරි හතරදෙනා අතරට පිවිසියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13