වැස්සේ සෙල්ලම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් පසු පියා විසින් තම පුත්‍රයා ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ අගනුවරින් වාර්තා වනවා.
නිරිතදිග දිල්ලියේ සාගර්පූර් ප්‍රදේශයේ ඊයේ (29) දහවල් සිදුව ඇති මෙම අපරාධයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක්.
මෙම ළමයා වැස්සේ සෙල්ලම් කිරීමට නිවසින් පිටතට යාමට බල කළ අවස්ථාවේ කෝපයට පත් පියා විසින් පිහියකින් ඇන දරුවා ඝාතනය කර ඇති බවයි දිල්ලි පොලිසිය සඳහන් කළේ.
පියාගේ පිහි ප්‍රහාරයට ලක්වූ දරුවා, දාදා දේව් රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසන්නේ.
ඝාතනයට ලක්වූ පිරිමි ළමයා තම සහෝදරියන් තිදෙනා හා පියා සමඟ සාගර්පූර් ප්‍රදේශයේ මොහාන් බ්ලොක් හි කුලියට ගත් නිවසක ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන්ගේ මව මීට වසර කිහිපයකට පෙර මිය ගොස් ඇති අතර පියා විසින් මෙම දරුවන් රැකබලාගෙන තිබෙනවා.
අපරාධය සිදුකළ බව කියන සැකකාර 40 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව මිනීමැරුම් නඩුවක් ලියාපදිංචි කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.





