වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ නාය යාමක්

ඊයේ (30) රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයෙන් සිදුවූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය මුළුමනින්ම අවහිර වී ඇති බව වාර්තා වනවා.

මෙම නාය යාමෙන් අසල තිබූ නිවසකට ද හානි සිදුව ඇති අතර, එම නිවසින් නිවැසියන් ඉවත් කිරීමට ඌවපරණගම පොලිසිය කටයුතු කර තිබෙනවා.

මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඌවපරණගම පොලිසිය එහි ගමන් ගන්නා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?