වැලිගම හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා එල්ල වී හිටපු IP ජගත් නිශාන්ත අත්අඩංගුවට

වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විදෙස් ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

2023 වසරේ දෙසැම්බර් 31 වනදා වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි හුවමාරුවකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්තව සිටි පොලිස් සාජන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.

වැටලීමක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබූ අතර පසුව වෙඩි තැබීම සිදුකළ වෑන් රථය පසුපස වැලිගම පොලිසිය හඹා ගොස් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබුණා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණු අතර, මෙම සිද්ධියට එවක පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ට
ඍජුවම චෝදනා එල්ල වුණා.

අනතුරුව ඔහුගේ වැඩතහනම කෙරුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් දේශබන්දු තෙන්නකෝන් අදාළ චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ලෙස නම් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16